Search

ඔස්ට්‍රේලියා කාන්තාවක් දූෂණය කල බ්‍රිතාන්‍ය රැප් ගායකයාට තවත් චෝදනා

ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී සිටියදී කාන්තාවක් දූෂණය කළ බව කියන බ්‍රිතාන්‍ය රැප් ගායකයෙකුට තවත් චෝදනා එල්ල වී තිබෙනවා.

“Yung Filly” ලෙසද හැඳින්වෙන 29 හැවිරිදි ඇන්ඩ්‍රෙස් ෆෙලිපේ නම් මෙම පුද්ගලයා හෝටල් කාමරයක් තුළ වයස අවුරුදු 20 ක කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්දයෙන් වරදකරු වනු ලැබුවා.

ඔහුට මේ වන විට අවසරයකින් තොර ලිංගික හැසීරීම යටතේ චෝදනා 4 ක් සහ ශාරීරික හානි සිදුකීරීම සම්බන්දව චෝදනා 3ක් එල්ල වී තිබෙනවා.

අධිකරණය විසින් එල්ල කල නව චෝදනාව වන ම්ලේච්ඡ ලිංගික හැසිරීම සහ කාන්තාවගේ ගෙල ප්‍රදේශය තද කරමින් ඇගේ හුස්ම ගැනීමට බාධා කිරීම යන චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

පසුව අධිකරණය විසින් ඔහුගේ ඇප කාලය දීර්ඝ කල අතර අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේ ඔහු මාධ්‍යයට කිසිඳු ප්‍රකාශයක් නොදුන් බවයි වාර්තා වන්නේ.

යූ ටියුබ් ග්‍රාහකයින් මිලියන 1.8 ක් සහ ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් අනුගාමිකයින් මිලියන ගණනක් සිටින මොහුගේ නඩුව සදහා දින 10ක අධිකරණ විභාගයක් 2026 වසරේ ජූලි 20 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »