Search

ඔස්ට්‍රේලියාවේ මිලියන ගණන් පාරිභෝගිකයන් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට එරෙහි වෙයි

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන් බොහෝදෙනා ඇමරිකාවේ නිෂ්පාදන මිලදී ගැනීමෙන් වලකින බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

ඊට හේතුව වන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවන ලද තීරු බදු බවයි වාර්තා වන්නේ.

Finder නම් අන්තර්ජාල ගණුදෙනු සැසදීමේ වෙබ් අඩවියක් විසින් කළ විශ්ලේෂණයකට අනුව, ඔස්ට්‍රේලියානුවන් 23%ක් දැනටමත් ඇමරිකානු භාණ්ඩ මිලදී ගැනීමෙන් ඉවත්ව සිටිනවා.

තවත් 31%ක් පමණ ඔස්ට්‍රේලියානුවන් ඉදිරියේදී ඇමරිකානු භාණ්ඩ වලින් වළකින බවද එම විශ්ලේෂණයේ දැක්වෙනවා.

ඊ අනුව මිලියන 11.6කට ආසන්න ඔස්ට්‍රේලියානුවන් පිරිසක් ඇමරිකානු නිශ්පාදන වලින් ඉවත් වනු ඇතැයි එම වෙබ් අඩවිය පුරෝකතනය කර සිටියා.

Finder හි පර්යේෂණ ප්‍රධානී ග්‍රෑහැම් කුක් පවසන්නේ මෙමඟින් ඇමරිකානු ආර්ථිකයට ප්‍රභල බලපෑමක් එල්ල වන බවයි.

තවද ඔස්ට්‍රේලියානුවන් දේශීය සන්නාමවලට යොමු වීමේ ඉඩකඩක්ද පවතින බව ඔහු කියා සිටියා.

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »