Search

ඔස්ට්‍රේලියාවේ සූර්ය ලුණු ව්‍යාපෘතියක් නවතා දමයි

 

 

K+S Salt Australia සමාගම Exmouth Gulf ලුණු ව්‍යාපෘතිය නවතා දමා තිබෙනවා.

දශකයකට ආසන්න කාලයක් සැලසුම් කර ඇති Ashburton Salt ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාරිසරික ඇගයීමෙන් ඉවත යෑමට සමාගම නිල වශයෙන් ඉල්ලීමක් කර තිබුණා.

එහෙත් ඔස්ට්‍රේලියාව සහ ජර්මනියේ පරිසර සංරක්ෂණ කණ්ඩායම් මෙම ව්‍යාපෘතියට දැඩිව විරුද්ධ වුණා.

සමාගමේ මව් රට වන ජර්මනියේ ව්‍යාපෘතියකට එරෙහිව සංරක්ෂණ ව්‍යාපාරයක් දියත් කිරීමෙන් පසුව, පාරිසරික කළමනාකරණයට අදාළ හේතූන් මත මෙම තීරණය ගත් බවයි K+S සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ.

මෙම සූර්ය ලුණු කර්මාන්තශාලාවෙන් වාර්ෂිකව ලුණු ටොන් මිලියන 4.7ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණා.

K+S කළමනාකාර අධ්‍යක්ෂ ගෙරිට් ගොඩෙක් [Gerrit Gödecke] පවසන්නේ මෙම ව්‍යාපෘතිය ලෝකයේ වඩාත්ම පරිසර හිතකාමී සූර්ය ලුණු ව්‍යාපෘතියක් බවට සංවර්ධනය කළ හැකිව තිබූ බවයි.

මේ අතර බටහිර ඔස්ට්‍රේලියානු පාරිසරික ආරක්ෂණ අධිකාරිය K+S සමාගමේ ඉල්ලීම ලැබී ඇති බව තහවුරු කර තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »