Search

300km/h ක වේගයෙන් යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකු සිඩ්නිහිදී අත්අ‌ඩංගුවට

 

 

පැයට කිලෝමීටර් 300 ක වේගයෙන් යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකු සිඩ්නි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ Albion Park හිදී මෙම පුද්ගලයා යතුරු පැදිය වේගයෙන් ධාවනය කර ඇති අතර පොලිසිය ඔහු ලුහුබැඳ යාමේදී පළාගොස් තිබෙනවා.

යතුරු පැදිය වේගයෙන් ධාවනය කළ අවස්ථාවේ එය සිය Helmet එකේ සවි කළ කැමරාවකින් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට ද මෙම පුද්ගලයා කටයුතු කළා.

මේ පිළිබඳ පොලීසිය විමර්ශනයක් ආරම්භ කළ අතර මාස කිහිපයකට පසු ඔහු අත්අඩංගුවට ගැණුනා.

එම අවස්ථාවේ ඔහු සතුව කෝකේන් මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක් ද තිබූ බව පොලිසිය පවසනවා.

පොලිසියට අවනත නොවීමේ චෝදනා දෙකක්, වේග සීමාව ඉක්මවා ධාවනය කිරීම සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා.

ඔහු අද Manly ප්‍රාදේශීය අධිකරණයේ පෙනී සිටිමට ද නියමිතයි.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »