
අවම වශයෙන් පුද්ගලයින් 290 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ Air India අනතුරකින් දිවි ගලවා ගත් එකම පුද්ගලයා සිටි 11A ආසනය දැඩි කථාබහකට ලක්ව තිබෙනවා.
විශ්වාෂ් කුමාර් රමේෂ් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ඔහුගේ පපුවට, ඇස්වලට සහ පාදවලට තරමක් තුවාල සිදුවී ඇති නමුත් තත්ත්වය බරපතල නොවන බවයි අහමදාබාද් සිවිල් රෝහලේ මහාචාර්ය සහ ශල්‍යකර්ම ප්‍රධානී වෛද්‍ය රාජ්නිෂ් පටෙල් පැවසුවේ.
එම ආසනය පිහිටා තිබුණේ හදිසි පිටවීම් දොරටුවට ආසන්නයේ ගුවන් යානයේ වම් තටුවට ඉදිරියෙන්.

කෙසේවෙතත් CNN ආරක්ෂක විශ්ලේෂකයෙකු සහ එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ හිටපු ආරක්ෂක පරීක්ෂක ඩේවිඩ් සූසි පැවසුවේ ගුවන් යානයේ එම කොටසේ සිටි කෙනෙකු අනතුරින් දිවි බේරාගැනීම පුදුමයට කරුණක් බවයි.
ගුවන් යානය බිම වැදීමෙන් එම ආසනය ස්ථිරවම ගැටෙන ස්ථානයක් වනු ඇති බවයි ඔහු පෙන්වාදෙන්නේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පැවසුවේ රමේෂ්ගේ දිවි ගලවා ගැනීම ආශ්චර්යාත්මක සිද්ධියක් බවයි.
එක්සත් ජනපද ගුවන් සේවා දත්ත වලට අනුව, ගුවන් යානයක පිටුපස වාඩි වී සිටින මගීන්ට අනතුරකින් දිවි ගලවා ගැනීමේ ඉහළම අවස්ථාව පවතිනු ඇති.
ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සොයා ගත්තේ අනතුරකදී ගුවන් යානයේ පිටුපස මගීන්ට දිවි ගලවා ගැනීමේ සම්භාවිතාව සියයට 69 ක් පවතිනු ඇති අතර ඉදිරිපස මගීන්ට දිවි ගලවා ගැනීමේ සම්භාවිතාව සියයට 59 ක් වන බවයි.