Search

න්‍යෂ්ටික විද්‍යාඥයින් ඉලක්ක කරමින් ඉරාන අගනුවරට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

අගනුවර පුරා පිපිරීම් ගණනාවක් සිදුවී ඇති අතර න්‍යෂ්ටික සහ හමුදා ස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල වන බවයි වාර්තා වන්නේ.

ටෙහෙරානයේ වේගයෙන් ඉදිරියට යන න්‍යෂ්ටික වැඩසටහන් අතරතුරයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

මුලින්ම එල්ල කළ ප්‍රහාරවලදී ඉරානයේ ඉහළම හමුදා නායකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයින් ද ඉලක්ක කර ගෙන ඊශ්‍රායලය ප්‍රහාර දියත්කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඇතැම් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් “රහස් ස්ථානවලට” මාරු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඊශ්‍රායලයේ ප්‍රහාරයට “තීරණාත්මක” ප්‍රතිචාරයක් ලබා දෙන බව ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය නිර්නාමික නිලධාරියෙකු උපුටා දක්වමින් පැවසුවා.

මේ අතර ඉරානය වසර ගණනාවක් තිස්සේ සිදුකරනු ලබන න්‍යෂ්ටික අවි තැනීමට ඉඩ නොදෙන බවටයි මීට පෙර ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත්තේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු යූ ටියුබ් හි කළ දේශනයකදී කියා සිටියේ, “ඊශ්‍රායලයේ පැවැත්මට ඇති ඉරාන තර්ජනයට  මිලිටරි මෙහෙයුමක් දියත් කළ බවයි.

ප්‍රහාර අඛන්ඩව එල්ල කරන බවත් අගමැතිවරයා එහිදී පවසා තිබෙනවා.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »