
ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයේ දෙවන දිනය ඊයේ පැවැත්වුණා.
ලන්ඩන් හි ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරඟයේ මේ වනවිට ගෞරවය හිමිකර ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.
දෙවන දිනයට තරගය නවත්වන විට දෙවන ඉනිමට පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8 ක් බිඳවැටී ලකුණු 148 ක් රැස්කළා.

කේරි සහ ස්ටාර්ක් අටවන කඩුල්ලට ලකුණු 61 ක නොබිඳිය හැකි සම්බන්ධතාවයක් ගොඩනඟා ගත්තා.
දෙවැනි ඉනිමට පන්දු යැවූ දකුණු අප්‍රිකා කණ්ඩායමේ Kagiso Rabada කඩුලු තුනක් බිඳ හෙළා ඇති අතර ජැන්සන් සහ මෝල්ඩර් අතර එක් කඩුල්ල බැගින් බෙදීගොස් තිබෙනවා.

මේ වනවිට දකුණු අප්‍රිකා කණ්ඩායමට වඩා ඔස්ට්‍රේලියාව කණ්ඩායම ලකුණු 218 ක් ඉදිරියෙන් පසුවනවා.