
Working Holiday Visa මත ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන්ට රැකියා ලබාදීමට සමාගම් මැලිකමක් දක්වන බව බ්‍රිතාන්‍ය සංචාරකයෙකු TikTok ඔස්සේ පවසා තිබෙනවා.
වයස අවුරුදු 18 ත් 35 ත් අතර එක්සත් රාජධානියේ විදේශ ගමන් බලපත්‍ර හිමියන් Working Holiday Visa සඳහා සුදුසුකම් ලබන අතර, එමඟින් බ්‍රිතාන්‍යයන්ට වසර තුනක් දක්වා ජීවත් වීමට සහ රැකියා කිරීමට ඉඩ සලසනු ඇති.
2024 ජූලි මස සිට දෙවන හෝ තුන්වන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට බ්‍රිතාන්‍යයන්ට තවදුරටත් මාස තුනක ෆාම්වල රැකියා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

නමුත් ඔවුන්ට මාස හයකට වඩා එකම සේවායෝජකයා යටතේ වැඩ කිරීමටද මෙම වීසා කාණ්ඩය යටතේ අවසර හිමි නොවන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ හේතුවෙන් මාස 6 කට වඩා දිගු කොන්ත්‍රාත්තුවක් සඳහා රැකියාවේ නියුතු නොවන බැවින් මෙරට සේවායෝජකයින් එවැනි සංචාරකයින් රැකියා සඳහා බඳවා ගැනීමට අකමැත්ත පළ කරනවා.

මේ අතර ‘රට ගවේෂණය කරමින් තාවකාලිකව වැඩ කිරීමට අවස්ථාවක් ලබා දීමේ අරමුණිනුයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වර්කින් හොලිඩේ වීසා ලබාදීම සිදුකර ඇත්තේ.
දෙපාර්තමේන්තුවට අවශ්‍යව ඇත්තේ සංචාර වීසා බලපත්‍රලාභියාගේ රැඳී සිටීමේ කාලය තුළ තාවකාලික සහ ද්විතීයික ආදායම් මාර්ගයක් ලෙස පමණක් රැකියා අවස්ථා ලබාදීමයි.
කෙසේ වෙතත්, Working Holiday Visa ඇති සංචාරකයින් චෝදනා කරන්නේ රැකියාව මාස හයකට සීමා කිරීම මෙන්ම සුදුසුකම් ලත් ක්ෂේත්‍රයක නිරතවීම මෙම රීතිවලින් වළක්වා ඇති බවයි.