Search

සිඩ්නි ගොඩනැගිල්ලක් තුළ පිපිරීමක්

බටහිර සිඩ්නි හි ගෑස් පිපිරීමක් හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

පෙ.ව. 6.30 ට පමණ ක්ලැරන්ස් වීදියේ දෙවන මහලක බිත්තියක් පිපිරීමෙන් කඩා වැටුණා.

නිව් සවුත්වේල්ස් ගිනි නිවන සහ ගලවා ගැනීමේ අධිකාරී ඇඩම් ඩිව්බෙරි පැවසුවේ “සැලකිය යුතු හානියක්” එමගින් සිදුවී ඇති බවයි.

පිපිරීමෙන් ගොඩනැගිල්ලේ දෙවන මහලේ සුන්බුන්  ඉවතට විසිවී ගොස් ඇති අතර එම කම්පනය අසල්වැසි දේපළවලටද දැනී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

සුන්බුන්  කඩාවැටීමෙන් පහළ නවතා තිබූ මෝටර් රථයක් ද විනාශවී තිබෙනවා.

සුන්බුන් අතර සිටි එක් පිරිමි පුද්ගලයෙකු රෝහලට රැගෙන ගිය බවයි ගිනි නිවන භටයින් කියාසිටියේ.

තවත් පුද්ගලයින් සෙවීමේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව ගිනි නිවන සහ ගලවා ගැනීමේ අධිකාරීවරයා මාධ්‍යයට සඳහන් කළා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »