
Powerball ලොතරැයියේ ඩොලර් මිලියන 100 දිනාගැනීමට තනි ජයග්‍රාහයකයෙකුට හැකිවී තිබෙනවා.
මෙම වාසනාවන්තයා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන බවයි බලධාරීන් පවසන්නේ.
ඒ අනුව ඊයේ 2025 වසරේ Powerball හි ධනවත්ම තැනැත්තා ජයග්‍රාහී අංක අටම ගැලපී ජයග්‍රහණය කර ඇති නමුත් තවමත් ත්‍යාගය ලබාගැනීමට එම පුද්ගලයා ඉදිරිපත් වී නැහැ.

1517 වන Powerball දිනුම් ඇදීමේ ජයග්‍රාහී අංක වන්නේ 28, 10, 3, 16, 31, 14 සහ 21 යි. Powerball අංකය වන්‍නේ අංක 6 යි.
දෙවන ජයග්‍රහණය ක්‍රීඩකයින් හය දෙනෙකු අතරේ ඩොලර් 282,000 බැගින් ලබා ගත් අතර, තුන්වන ජයග්‍රහණය ක්‍රීඩකයින් 187 දෙනෙකු ඩොලර් 11,200 ක් දිනා ගත්තා.

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ මෙවැනි විශාල තනි ලොතරැයි ජයග්‍රහණයක් හිමිකර ගත් 3 වන අවස්ථාව මෙය වනු ඇති.
අවසන් වරට Powerball ඩොලර් මිලියන 100 ක දැවැන්ත ජයක් ලබාගත්තේ පසුගිය නොවැම්බර් මාසයේදීයි.