
ට්‍රම්ප් පරිපාලනය යටතේ පෙන්ටගනයේ යළිත් සොයා බැලීම් කටයුතු සිදුවෙමින් තිබියදීත්, AUKUS ආරක්ෂක ගිවිසුම ඉදිරියට යනු ඇතැයි ඕස්ට්‍රේලියා ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් විශ්වාසයක් පළ කර තිබෙනවා.
2021 ගිවිසුම ජනාධිපති ට්‍රම්ප්ගේ “පළමුව ඇමරිකාව” න්‍යාය පත්‍රයට අනුකූලද යන්න තක්සේරු කිරීම මෙම සොයා බැලීමේ අරමුණ වී තිබෙනවා.
AUKUS ඕස්ට්‍රේලියා ගිවිසුම මගින් , ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සම්බන්ධ කර ගන්නා අතර ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන ලබා දීමේ ගිවිසුමක් ද ඊට ඇතුළත් වනවා.

ඕස්ට්‍රේලියාව දැනටමත් ඩොලර් මිලියන 500 මේ වෙනුවෙන් යොදවා තිබෙන අතර එක්සත් ජනපදයේ නිෂ්පාදිත Virginia-class submarines මිලදී ගැනීම වේගවත් කිරීම සඳහා මෙම වසරේ ඩොලර් බිලියන 2 ක් වියදම් කිරීමට සැලසුම් කර තිබෙනවා.
එල්බ්‍රිජ් කොල්බි වැනි එක්සත් ජනපද නිලධාරීන් මෙම ගිවිසුම විවේචනය කර ඇත්තේ එය එක්සත් ජනපද ආරක්ෂාවට වඩා විදේශීය අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන බව සඳහන් කරමින්.

කැනඩාවේ පැවැත්වීමට නියමිත G7 සමුළුවේදී අගමැති ඇන්තනි ඇල්බනීස් ජනාධිපති ට්‍රම්ප් සමඟ ගිවිසුම සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.