
Air India ගුවන් අනතුරෙන් යානයේ ගමන් ගත් එක් අයෙකු දිවි ගලවා ගත් බව ඉන්දීය මාධ්‍ය පවසනවා.
ඒ යානයේ 11 A ආසනයේ ගමන්ගත් මගියෙකු බවයි සඳහන් වන්නේ.
අනතුරෙන් අනෙක් මගීන් සහ කාර්ය මණ්ඩලය ජීවිතක්ශයට පත්ව තිබෙන බව අහමදාබාද් පොලිස් කොමසාරිස්වරයා තහවුරු කර තිබෙනවා.

යානය මේඝානි නගර් නම් ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටුණු අතර එය කඩා වැටී ඇත්තේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයක් මතට බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
එහි සිටි වෛද්‍ය සිසුන් 50-60ක් පමණ රෝහල් ගත කර ඇති බව ඉන්දියාවේ සමස්ත ඉන්දීය වෛද්‍ය සංගම් සම්මේලනය (FAIMA) විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන්.

මෙම අනතුරෙන් ප්‍රදේශවාසීන් ද මිය යන්නට ඇති බවයි පොලීසිය සඳහන් කලේ.
එම සංගමය පවසන්නේ සිසුන් පස් දෙනෙකු අතුරුදහන් වී ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
ඉන්දීය ගුවන් සේවා නියාමන ආයතනය සඳහන් කරන ආකාරයට යානය ගුවන් ගමනාගමන පාලක මධ්‍යස්ථානය වෙත හදිසි තත්ත්වයක් දැනුම් දී තිබුනා.
මෙම යානය බෝයිං 787-8 වර්ගයේ ගුවන් යානයක්.
යානයේ ගමන් කල 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් බවයි බලධාරීන් පවසන්නේ.
මීට අමතරව එක් කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුගාල ජාතිකයන් 7ක් යානයේ සිට තිබෙනවා.
මෙම යානය ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් සිට එක්සත් රාජධානියේ ලන්ඩන්හි ගැට්වික් ගුවන්තොටුපොළ දක්වා ගමන් කිරීමටය නියමිතව තිබුණා.