Search

ලොව ප්‍රථම වරට E-Scooter අනතුරුවලට හේතු හොයන ඔස්ට්‍රේලියා පර්යේෂකයින්

ක්වීන්ස්ලන්ඩ් හි ඊ-ස්කූටර් අනතුරු සඳහා දිනකට අවම වශයෙන් රෝගීන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඔවුන්ගේ තුවාල ඉතා සංකීර්ණ, ඉතා දරුණු බැවින්, අධිවේගී මෝටර් රථ අනතුරකින් තුවාල ලැබූවන් මෙන් රෝගීන් තක්සේරු කරන බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.

රෝගීන්ගේ දත්ත රැස් කර Jamieson Trauma ආයතනයට ලබා දෙන අතර එහි ඊ-ස්කූටර් අනතුරු සඳහා හේතු පිළිබඳව ලොව ප්‍රථම පර්යේෂණ සිදු කරනු ලබනවා.

ජේමිසන් ආයතනයේ මහාචාර්ය ක්‍රිස්ටන් වැල්මුවර් මාධ්‍ය වෙත පැවසුවේ පෞද්ගලික ස්කූටර් පදින රෝගීන්ගෙන් තුනෙන් දෙකක් සතියකට දින හතරකට වඩා ගමන් කරන බවයි.

ඔවුන් බොහෝදුරට සිය රැකියා සඳහා දිනපතා ගමන් කරන පුද්ගලයින් වන අතර ඔවුන  එම කාලයේ මත්පැන් පානය නොකරන බවත් තහවුරු වී තිබෙනවා.

නමුත් ඔවුන් සාමාන්‍යයෙන් කියන්නේ පැයට කිලෝමීටර 25 ට වඩා වැඩි වේගයකින් ගමන් කරන බවයි.”

ක්වීන්ස්ලන්තයේ පැයට කිලෝමීටර 25 ට වැඩි වේගයකින් විදුලි ස්කූටරයක් ​​පැදීම නීති විරෝධී වනවා.

පැයට කිලෝමීටර 100 ක් දක්වා වේගයෙන් ඊ-ස්කූටර් පැදවූ බවට රෝගීන් පාපොච්චාරණය කර ඇති බව විශේෂඥ වෛද්‍ය ගැරී මිචෙල් පැවසුවා.

අනතුරුවලින් අත් කැඩීම, හිසට සුළු තුවාල වැනි තුවාල දැකගත හැකි අතර සමහර අය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ක්වීන්ස්ලන්ඩ් මෝටර් රථ සමාගමක් වන RACQ පවසන්නේ, සියලුම ඊ-ස්කූටර් ධාවකයින් සම්පූර්ණ මුහුණු හිස්වැසුම් පැළඳීමටත්, ස්ටෑන්ඩ්-අප් කුලියට ගත් ස්කූටර් ක්‍රමයෙන් ඉවත් කර වාඩි වී සිටින මාදිලි සමඟ ප්‍රතිස්ථාපනය කළ යුතු බවයි.

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ජූනි මාසයේ ණය ගැනීමේ පිරිවැය අඩුවීම සහ උද්ධමනය ස්ථාවර

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »