
වික්ටෝරියානු ප්‍රාන්තයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් එක් ආසාදිතයෙකු හේතුවෙන් බරපතල අවදානම් තත්ත්වයක් මතුව තිබේ.
එම ආසාදිතයා මෙල්බර්න් නුවර විශාල ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක භාණ්ඩ බෙදාහැරීමේ රියදුරෙකු (Delivery driver) වන අතර වයිරසය ආසාදනය වී තිබියදී තම රාජකාරී කටයුතු සඳහා ඔහු ප්‍රදේශ ගණනාවක සැරිසරා තිබීම ඊට හේතුව වී ඇත.
මෙම පුද්ගලයා හට වයිරසය ආසාදනය වුවද කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වා ඇති බවත් එනිසාම ඔහු සාමාන්‍ය පරිදි තම රාජකාරී කටයුතු සිදු කළ බවත් වාර්තා වේ.

මෙම ආසාදිතයා Epping, Dandenong, Craigieburn උප නගර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල වයිරසය ආසාදනය වී තිබියදී සැරිසරා ඇති අතර ඒ හේතුවෙන් ඔහු ආ ගිය ස්ථාන 20 ක් පමණ වූ ලැයිස්තුවක් වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
මැයි 18
- Vic fields Summerhill Shopping Centre, Reservoir – 16:20 සිට 17:30
- Khalsa Sweets and Snacks, Epping – 12:20 සිට 13:10
- Erol’s Fruit Shop, Wollert – 11:25 සිට 12:10
- Hamara Bazaar, Wollert – 10:30 සිට 11:30
මැයි 19
- Bestway Supermarket, Lonsdale Street, Dandenong – 12:15 සිට 13:15
- Bestway Supermarket, Cleeland Street, Dandenong – 13:00 සිට 13:40
- Marmara Halal Meats, Dandenong, 11:35 සිට 12:25
- Sabrini Foods, Carrum Downs – 14:00 සිට 18:00
- Spice Inn Groceries, Cleeland Street, Dandenong – 13:00 සිට 13:40
- Indiagate Spices & Groceries, Epping – 09:45 සිට 10:30
මැයි 22
- Epping Spices & Nuts Grocery Store, Epping – 09:00 සිට 21:00
- Star Car Wash 1, Westfield Plenty Valley, Mill Park – 08:00 සිට 17:30
මැයි 23
- Star Car Wash 1, Westfield Plenty Valley, Mill Park – 08:00 සිට 17:30
මැයි 24
- Epping Spices & Nuts Grocery Store, Epping – 09:00 සිට 21:00
මැයි 25
- Epping Spices & Nuts Grocery Store, Epping – 09:00 සිට 21:00
- Dosa Hut Craigieburn – 17:45 සිට 19:15
- Star Car Wash 1, Westfield Plenty Valley, Mill Park – 08:00 සිට 17:30
මැයි 26
- Epping Spices & Nuts Grocery Store – 09:00 සිට 21:00
- Star Car Wash 1, Westfield Plenty Valley, Mill Park – 08:00 සිට 17:30
මැයි 27
- Healthy India, on Broadway, Reservoir – 09:30 සිට 14:00
ඉහත ස්ථාන වලට අදාළ දින වලදී සහ සහ අදාළ වේලාවන් හිදී ගොස් ඇති පුද්ගලයින් වෙතොත් ඔවුන් වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකර දින 14 ක් නිරෝධායනය විය යුතු බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වයි.

Source : SBS / VIC Health Dept