
2023 වසරේ අප්‍රේල් මස සිට බිත්තර මිල 27% කින් ඉහළ ගොස් ඇති අතර එය පාරිභෝගික මිල දර්ශකයට වඩා සැලකිය යුතු වර්ධනයක් බවයි වාර්තා පෙන්වා දෙන්නේ.
බිත්තර මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුරුලු උණ රෝගයයි.
මෙම රෝගය හේතුවෙන් බොහෝ කුකුළන් මරා දැමීමට සිදු වු අතර එය බිත්තර සැපයුම අඩු කරමින්, මිල ඉහළ යෑමට හේතු වුනා.

එබැවින් බොහෝ වෙළඳසැල්වල බිත්තර හිඟයක් සහ අලෙවි සීමා කිරීම් ද දක්නට ලැබුණා.
කුකුල් ආහාර සඳහා ගාස්තු ඉහළ යාම සමඟ බිත්තර නිෂ්පාදන වියදම් වැඩිවීම ද මිල ඉහළ යාමට බලපා තිබෙනවා.

බිත්තර තවදුරටත් සත්ව ආහාරයක් ලෙස සැලකීම හේතුවෙන් , මාංශ මිල ඉහළ යන විට බිත්තරවල අවශ්‍යතාවය වැඩිවීම ද මිල ගණන් ඉහළ යාමට හේතුවී ඇති බවයි වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ