Search

Adelaide උසම ගොඩනැගිල්ල ගැන අලුත්ම ආරංචිය

මතභේදයට ලක්වූ Adelaideහි මීටර් 160 ක් උස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

The State Commission Assessment Panel විසින් ඒ සදහා ඊයේ අනුමැතිය ලබා දී තිබූ බවයි වාර්තා වුනේ.

ඒ අනූව මහල් 38 කින් යුත් කුළුණ නගරයේ උසම වාණිජ ගොඩනැගිල්ල බවට පත්වනු වනු ඇති.

මෙම කුළුණ ඉදිකිරීමෙන් පසු කාර්යාල සේවකයින් 5000 ක් සේවය කිරීමට නියමිතව තිබෙනවා.

එහි අවන්හල්, කැෆේ සහ බාර් මෙන්ම සිල්ලර වෙළඳසැල් 100 කට වඩා ආරම්භ කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එමගින් වසරකදි ඩොලර් බිලියන 1 කට වඩා ආර්ථික ක්‍රියාකාරකම් සිදුවනු ආආතයි ඇස්තමේන්තු කර තිබෙනවා.

අගමැති පීටර් මැලිනෝස්කාස් සදහන් කලේ මෙමගින් ඇඩිලේඩ් නගරය ගෝලීය නගරයක් ලෙස ඉදිරියට යනු අති බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »