Search

ඕස්ට්‍රේලියානුවන්ගේ ඉතුරුම් ගැන අනාවරනයක්

ඕස්ට්‍රේලියානුවන්ගෙන් 43% ක් එනම් මිලියන 9.2 ක් පමණ ඩොලර් 1000 ට වඩා අඩු ඉතුරුම් සහිත පුද්ගලයින් බව අනාවරන කරගෙන තිබෙනවා.

ජනගහණයෙන් 18% ක් (මිලියන 4.3) කිසිසේත්ම ඉතිරිකිරීම් නොමැති අතර, ඔවුන් අනපේක්ෂිත වියදම් වලට බෙහෙවින් ගොදුරුව සිටින පුද්ගලයින් බව සඳහන්.

මෙය 2024 සංඛ්‍යාලේඛනවලට වඩා සුළු දියුණුවක් සනිටුහන් කළද, financial stress එලෙසම පවතින බවයි අනාවරන වී තිබෙන්නේ.

සමීක්ශණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් හතර දෙනෙකුගෙන් තිදෙනෙකු වාර්තා කළේ ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි.

Finder money expert Richard Whitten නිර්දේශ කළේ අවම වශයෙන් මාස තුනක වැටුප් ප්‍රමාණයක් හෝ සෑම පුද්ගලයකුම ඉතුරු කර ළඟ තබා ගත යුතු බවයි.

savings goals වර්ධනය කිරීම සඳහා එදිනෙදා වියදම් අඩු කිරීමට සහ ඉහළ පොලී ඉතුරුම් ගිණුම් භාවිතා කිරීමටද ඔහු උපදෙස් ලබාදෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »