Search

ඔස්ට්‍රේලියාවේ කදුවැටියක සිරවූ පුද්ගලයෙක් සති දෙකකට පසු සොයාගනී

දකුණු ඔස්ට්‍රේලියාවේ කදුවැටියක සිරවූ පුද්ගලයෙක් සති දෙකකට පසු නිරුපද්‍රිතව සොයාගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

දින 13කට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි කායිල් නමැති පුද්ගලයා Arkaroola Village ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සදහන් කර සිටියේ.

ඔහු සුදු පැහැති කුලියට ගත් වෑන් රථයක් කඳු අතර පදවමින් සිටියදී අතරමං වී තිබෙනවා.

පසුව ඔහු අතුරුදන් වී ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් පොලීසියට පැමිණිලි කරනු ලැබුවා.

පසුව ගුවන් ආරක්ෂණ නිලධාරීන්ගේද සහය ඇතිව දින ගනනක් පුරා ඔහුව සොයා ගැනීමට කටයුතු කර තිබෙනවා.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »