Search

සේවකයින්ට $ මිලියන ගණනක හිඟ වැටුප් ගෙවීමට සිදුවූ ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලය

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි Griffith විශ්වවිද්‍යාලය එහි සේවකයින්ට අඩු වැටුප් ගෙවූ බව පිළිගෙන තිබෙනවා.

රජයේ නිරීක්ෂණ ආයතනයක් වන Fair Work Ombudsman ආයතන වාර්තා වලට අනුව 2015 සිට 2024 දක්වා කාලය තුළ සේවකයින් 5,500 කට පමණ විශ්වවිද්‍යාල විසින් අඩු වැටුප් ගෙවූ බව සදහන් වනවා.

Fair Work Ombudsman සමඟ බලාත්මක කළ හැකි ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ඩොලර් මිලියන 8 කට වැඩි මුදලක් සේවකයින්ට ආපසු ගෙවීමට විශ්වවිද්‍යාලය එකඟ වී සිටියා.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බලපෑමට ලක් වූ සේවකයින් කලා, අධ්‍යාපන, නීති, ව්‍යාපාර, සෞඛ්‍ය සහ විද්‍යා අංශ හරහා සේවය කළ අය වන අතර ඔවුන්ගෙන් බහුතරයක් බ්‍රිස්බේන් හි සේවය කළ පුද්ගලයින් බවයි වාර්තා වන්නේ

ආහාර දීමනා නොගෙවීම, දුර්වල පුහුණුව සහ දත්ත රැස් කිරීම, automation නොමැතිකම, වැටුප් පද්ධති දෝෂ සහ ප්‍රමාද වැටුප් ගෙවීම් යන චෝදනා එම ආයතනය විසින් ‍රජයට වාර්තා කර තිබෙනවා.

ආයතන ප්‍රධානී ඇනා බූත් පැවසුවේ විශ්ව විද්‍යාලය පරීක්ෂණ කටයුතු සදහා සහයෝගයෙන් කටයුතු කර ඇති බවයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »