
ඔස්ට්‍රේලියානුවන් භාවිතා කරන Sunscreen වල අඩංගු SPF අගය එහි ලේබල වල සඳහන් කරන SPF මට්ටමට නොගැළපෙන බව හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Choice නමැති පාරිභෝගික ආරක්ෂණ ආයතනයකින් සිදුකළ නව පරීක්ෂණයකින් පසුවයි මෙම තොරතුරු වාර්තා වී ඇත්තේ.
Choice ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා කියා සිටියේ බොහෝ Sunscreen වර්ග මඟින් පාරිබෝගිකයා බලාපොරොත්තු වෙන UV කිරණවලින් ආරක්ෂාව ලබා නොදෙන බවයි

එම ආයතනය විසින් SPF50 සහ SPF50+ ලෙස දැක්වූ ජනප්‍රිය Sunscreen 20ක් පරීක්ෂණයට ලක්කර තිබෙනවා.
ඒ අතරින් Sunscreen වර්ග 4ක් පමණක් ලේබලයේ අඩංගු SPF අගය සනාථ කිරීමට සමත් වූ බවයි ඔවුන් සදහන් කර සිටියේ.

Ultra Violette’s lean screen නැමැති Sunscreen වර්ගයේ SPF 50+ ලෙස දැක්වුනද පරීක්ෂණයෙන් පසු එහි SPF 4 ක් පමණක් අඩංගු වූ බව පරීක්ෂණයට සම්බන්ද වූ රසායනාගාර විශේෂඥයින් කියා සිටියා.
මේ සම්බන්දයෙන් Choice සමාගම ඔස්ට්‍රේලියානු පාරිභෝගික ආරක්ෂණ කොමිසම වෙත පැමිණිලි කර ඇති අතර පරීක්ෂණ කඩිනමින් ආරම්භ කරන බවට කොමිසම දැනුම්දී තිබෙනවා.