Search

Western Sydney ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිල වශයෙන් විවෘත කෙරේ

 

 

Western Sydney නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිල වශයෙන් විවෘත කර තිබෙනවා.

අගමැති අන්තනී ඇල්බනීසි විසින් එය පසුගියදා විවෘත කරනු ලැබු අතර අත්හදා බැලීමේ ගුවන් ගමන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පූර්ණ මෙහෙයුම් කටයුතු ආරම්භ වන්නේ ලබන වසරේ අගෝස්තු දීයි.

ගුවන් තොටුපොළේ ගොඩනැගිලි සියල්ල ඉදි කර අවසන් අතර ඉහළ මහලේ සවි කර ඇති සූර්ය පැනල 9000ක් හරහා, හෙක්ටයාර 1700 ක භූමි ප්‍රදේශයකට බලශක්තිය ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

Qantas, Jetstar සහ Singapore Airlines සමාගම් මේ වන විට ගුවන් ගමන් සදහා එකඟ වී ඇති අතර Virgin Australia සම්බන්ධ වීම සඳහා සාකච්ඡා සිදු කරමින් පවතිනවා.

2026 වසරේදී මගීන් මිලියන 5 ක් මෙහි ගමන් කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

2031 වනවිට මගීන් මිලියන 10ක් සහ 2063 වන විට මගීන් මිලියන 82ක් වාර්ෂිකව ගුවන්තොටුපොළ භාවිත කරනු ඇති බවටයි බලධාරීන් බලාපොරොත්තු තබා ඇත්තේ.

 

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »