
ව්‍යාජ Scholarship ලබා දෙන බවට පොරොන්දු වී ඔස්ට්‍රේලියාවට පුද්ගලයින් ගෙන්වාගත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඇති නයිජීරියානු කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
56 හැවිරිදි අදාළ කාන්තාව fully-funded scholarships ලබා දෙන බවට පොරොන්දු වී පැපුවා නිව්ගිනියාවේ සිට ඔස්ට්‍රේලියාවට පුද්ගලයින් 15 දෙනෙකු ගෙන්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ගෙන්වාගත් පුද්ගලයින්ගේ කැමැත්තට එරෙහිව ඔවුන් ගොවිපලවල වැඩ කිරීමට යොමු කර ඔවුන්ගේ වැටුප්ද ඇය විසින් බලහත්කාරයෙන් රැගෙන ඇති බවයි හෙළි වී ඇත්තේ.

අනතුරුව පොලිසියට ලැබුණු ඔත්තුවක් මත බ්‍රිස්බේන් ගුවන්තොටුපළේ ගුවන් යානයකින් බැස යන විට මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධීවව ගෙන්වාගත් පුද්ගලයින්ගෙන්, උපකාරක පන්ති ගාස්තු, ගුවන් ගමන් ගාස්තු, වීසා අයදුම්පත් ගාස්තු , රක්ෂණ සහ නීති ගාස්තු යැයි කියමින් බලහත්කාරයෙන් විශාල මුදලක් ලබාගත් බව පොලිසිය අනාවරණය කරගනු ලැබුවා.

මිනිස් ජාවාරම්,වංචාකාර බඳවා ගැනීම්,අනීතික මුදල් ලබාගැනීම් ඇතුළු වැරදි 30 කට ඇයට චෝදනා එල්ල වී ඇති අතර මේ සදහා ඇයට අවම වසර 12 ක පමණ සිරදඬුවමක් ලැබෙන බව පොලීසිය කියා සිටියා.
බ්‍රිස්බේන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම කාන්තාව ඇප මත නිදහස් කර ඇති අතර එළබෙන සැප්තැම්බර් මාසයේදී නඩුව නැවත කැදවීමට නියමිතයි.