
මධුසමය සඳහා ඉතිරි කළ මුදල් තම සැමියාගේ අවමංගල්‍යයට වියදම් කිරීමට සිදුවු පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වනවා.
එඩ්වඩ් බර් [Edward Burr]සහ ලෝරා බර් [Laura Burr] යුවල විවාහ වී මධුසමය සඳහා ඩිස්නි [Disney] සංචාරයකට මුදල් රැස් කරමින් සිටියා.
එහෙත් විවාහ වී දිනකට පසු එඩ්වඩ් අසනීපයෙන් පසුවු අතර ඔහු ඊට නිසි සැලකිල්ලක් දැක්වූයේ නැහැ.

දින කිහිපයකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වු ඔහු නියුමෝනියාව සහ හෘදයාබාධයකට ලක්වී ඇති බව හඳුනා ගැණුනු අතර ඒ් වනවිට ඔහුගේ හෘදය දැඩි ලෙස හානියට පත් වී තිබුණා.
හෘද පොම්පයක් [heart pump fitted] සවි කර මාස ගණනක් විශේෂඥ ප්‍රතිකාර ලබමින් සිටිය ද විවාහ වී දින 186 කට පසු ඔහු මියගියා.

මෙම දුක්ඛිත අත්දැකීම හේතුවෙන් ලෝරා මේ වනවිට වයස අවුරුදු 30 ඉක්මවූවන් සඳහා අනිවාර්ය සෞඛ්‍ය පරීක්ෂණ (Health MOTs) ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.
එහිදී සිදු කෙරෙන රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ ECG පරීක්ෂණ මගින් හදවත් රෝග කල්තියා හඳුනා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි ඇය පවසන්නේ.
අවුරුදු 30 දී මෙවැනි සමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කළේ නම් තම සැමියාගේ ජීවිතය බේරාගත හැකිව තිබු බවයි ලෝරා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.