Search

Don Bradman අභිබවා ලෝඩ්ස්හි වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියා ක්‍රීඩකයා

ක්‍රිකට් ක්‍රීඩාවේ නිවහන ලෙස හැඳින්වෙන ලෝඩ්ස් හි මෙතෙක් වැඩිම ලකුණු රැස් කළ visiting country ක්‍රීඩකයා බවට ස්ටීව් ස්මිත් පත්ව තිබෙනවා.

ඒ මෙතෙක් සිටි ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා වන Sir Don Bradman අභිබවා යමින්.

ICC World Test Championship අවසාන තරඟයේ පළමු දිනය ඊයේ ලෝඩ්ස්හිදී දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වුණා.

එහිදී ස්ටීව් ස්මිත් ලබාගත් ලකුණු 66, ප්‍රසිද්ධ ලන්ඩන් ක්‍රීඩාංගණයේදී ඔහුගේ වෘත්තීය ලකුණු 591 දක්වා ගෙන ගියා.

එම ලකුණු සංඛ්‍යාව ඔහු ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් (551), ගැරී සෝබර්ස් (571) සහ සෙසු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක වොරන් බාර්ඩ්ස්ලි (575) අභිබවා සංචාරක රටක ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු බවට පත්වුණා.

බාර්ඩ්ස්ලි 1926 සිට එම වාර්තාවට හිමිකම් පෑවා.

ලෝඩ්ස්හිදී, ස්මිත් ටෙස්ට් තරග හයකට ක්‍රීඩා කර ඇති අතර සාමාන්‍යය 59.10 ක් වන අතර, 2015 අළු බඳුන තරගාවලියේදී ඔහුගේ ප්‍රසිද්ධ මංගල ද්විත්ව ශතකය ද ඊට ඇතුළත් වනවා.

“මට හොඳ ස්ථානයක් හමු වූ අතර මම ලෝඩ්ස්හිදී පිතිකරණයට කැමතියි බවයි ස්මිත් තරගයෙන් පසුව මාධ්‍යයට පවසාසිටියේ.

ඊයේ තරඟයේදී ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවට ලකුණු 212 ක ඉලක්කයක් ලබාදුන් අතර ඔවුන්ට ඊයේ දිනයේ ලබාගත හැකිවූයේ ලකුණු 43 ක් පමණයි.

ICC ලෝක ටෙස්ස් ශූරතාවලියේ අවසාන තරඟයේ දෙවන දිනය අද පැවැත්වෙනවා.

 

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »