Search

සංක්‍රමණික වැටලීම් නවතා දමන්න – නගරාධිපතිවරුන් ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

ලොස් ඇන්ජලීස් හි නගරාධිපතිවරුන් අඛන්ඩව සිදුවන සංක්‍රමණික වැටලීම් නවතා දමන්නැයි ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලීමක් කරනවා.

ඔවුන් චෝදනා කරන්නේ ට්‍රම්ප් පරිපාලනය නගරය පුරා භීතිය පතුරුවමින්,  එක්සත් ජනපදය පුරා විරෝධතා අවුලුවාලමින් සිටින බවයි.

ඊයේ නගරය තුළ ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පුද්ගලයින් 20 කට වැඩි පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනා.

ඩොනල් ට්‍රම්ප්ගේ සංක්‍රමණික මර්ධනයට එරෙහිව විරෝධතා දැක්වූ සිය ගණනක් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ජන සමූහය පාලනය ඇති කිරීම වෙනුවෙනුයි ඇඳිරි නීතිය පැනවුවේ.

මේ හේතුවෙන් පෙරදාට වඩා පොලීසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් අඩු වූ අතර නගර මධ්‍යයේ සිටි විරෝධතාකරුවන් විසිරී ගිය බවයි එරට මාධ්‍ය වාර්තා පළකරන්නේ.

ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස් පැවසුවේ ව්‍යාපාර 23 ක් කොල්ලකෑමෙන් පසු,  උද්ඝෝෂකයින්ගේ විනාශකාරී ක්‍රියා සහ සොරකම් නැවැත්වීම සඳහා රාත්‍රී 8 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය අවශ්‍ය බවයි.

මේ අතර ලොස් ඇන්ජලීස් නගරයේ මේ වනවිට ජාතික ආරක්ෂක භටයින් 2000 ක් පමණ යොදවා ඇති අතර ඔවුන්ගෙන් අඩක් ෆෙඩරල් ගොඩනැගිලි සහ නියෝජිතයන් ආරක්ෂා කරමින් සිටින බවයි ඇමරිකා හමුදා මේජර් ජෙනරාල්වරයෙකු මාධ්‍යයට පවසා ඇත්තේ.

කෙසේවෙතත් හමුදා පැමිණීම ආතතීන් සහ සිවිල් නොසන්සුන්තාව වැඩි කරන බවයි ආණ්ඩුකාරවරයා පෙන්වාදෙන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »