
කළල මාරු කිරීමේ සිද්ධීන් දෙකකට පසු මොනෑෂ් IVF හි ප්‍රධාන විධායක නිලධාරියා ඉල්ලා අස්වී තිබෙනවා.
Michael Knaap, ඔස්ට්‍රේලියාවේ IVF දැවැන්ත ආයතනයේ ප්‍රධාන විධායක, කළමනාකාර අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.
ක්නාප් 2019 සිට ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළා.

පසුගිය ජූනි 5 වනදා මොනෑෂ් IVF මගින් මෙල්බන් හි කාන්තාවකට තමාට අයත් නොවන කළලයක් වැරදීමකින් තැන්පත්කර තිබෙනවා.
මීට මාස දෙකකට පෙර බ්‍රිස්බන් කාන්තාවක් ද වෙනත් කාන්තාවකට අයත් දරුවෙකු ප්‍රසූත කරනු ලැබුවා.

අදාල සිදුවීම් දෙක සම්බන්ධයෙන් මේ වනවිට ස්වාධීන සමාලෝචනයක් සිදුවෙමින් පවතින බව සඳහන්.
මේ අතර මොනෑෂ් IVF ප්‍රධාන මූල්‍ය නිලධාරී මලික් ජෛනුදීන් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කර තිබෙනවා.