
Itamar Ben-Gvir සහ Bezalel Smotrich යන ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල අමාත්‍යවරුන් දෙදෙනාට ඕස්ට්‍රේලියාව මූල්‍ය සම්බාධක සහ සංචාරක තහනම් පනවා තිබෙනවා.
මෙම පියවර ගෙන තිබෙන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනාවන්ට අදාලවයි.
විදේශ අමාත්‍ය පෙනී වොන්ග් සදහන් කලේ ඔවුන් ඊශ්‍රායල රජයේ වඩාත්ම අන්තවාදී සාමාජිකයන් බවයි.

එක්සත් රාජධානිය, කැනඩාව, නවසීලන්තය සහ නෝර්වේ සමඟ ඕස්ට්‍රේලියාව එක්වයි මෙම පියවර ගෙන තිබෙන්නේ.
එක්සත් ජාතීන්ගේ නිලධාරි Chris Sidoti ද මෙම තීරණය පිළිගත් අතර, එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමට එරෙහි ප්‍රබල පණිවිඩයක් ලෙසද හදුන්වා දී තිබෙනවා.

සම්බාධක පනවනු ලැබූ අමාත්‍යවරුන් ඊශ්‍රායලයේ අන්තවාදී කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටි බවද සදහන්.
මීට අමතරව පලස්තීනුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය වැපිරීම සම්බන්දයෙන්ද ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.