Search

ඔස්ට්‍රේලියාවේ social services payments වැඩි වෙයි

social services මත යැපෙන පවුල් සහ පුද්ගලයින්ට ලබන මාසයේ සිට ඔවුන්ගේ ගෙවීම්වල සුළු වැඩිවීමක් සිදුවනවා.

ඒ අනුව ජූලි 1 වන දින සිට ඕස්ට්‍රේලියානුවන් මිලියන 2.4 ක් සඳහා Centrelink ගෙවීම් සියයට 2.4 කින් වැඩි වනු ඇති.

Family Tax Benefit A සහ B,   Paid Parental Leave, Newborn Supplement, Multiple Birth Allowance, Age Pension, Disability Support Pension, Carer Payment සඳහා ගෙවීම් වැඩි කිරීමට නියමිතයි.

Family Tax Benefit A කොටසේ, වයස අවුරුදු 13 ට අඩු ළමුන් සඳහා උපරිම ගෙවීම් අනුපාතය සති දෙකකට ඩොලර් 227 දක්වා වැඩි වී තිබෙනවා.

වයස 13 ට වැඩි ළමුන් සඳහා, අනුපාතය දෙසතියකට ඩොලර් 295.82 දක්වා වැඩි වී ඇති බවයි සෙන්ටර්ලින්ක් පවසන්නේ.

Paid Parental Leave හි වාර්ෂික ආදායම් සීමාවන් ද වැඩි වී ඇති අතර individual limit එක වසරකට ඩොලර් 180,007 දක්වා වැඩි වන අතර family income limit එක ඩොලර් 373,094 දක්වා වැඩි කෙරෙනවා.

Family Tax Benefit වැනි ප්‍රතිලාභ බොහෝ ඔස්ට්‍රේලියානු පවුල් සඳහා දරුවන් ඇතිදැඩි කිරීමේ වියදම් පියවා ගැනීමට උපකාරී වන බවයි සමාජ සේවා අමාත්‍ය ටැන්යා ප්ලිබර්සෙක් පැවසුවේ. 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »