
Times Higher Education (THE)Annual Global Brand Rankings අනුව මෙල්බර්න් විශ්ව විද්‍යාලය ලැයිස්තුවේ 39 වන ස්ථානයට පත්ව ඇති අතර එය ඕස්ට්‍රේලියාවේ ඉහළම ශ්‍රේණිය වාර්තා කරනු ලැබුවා.
මෙම ලැයිස්තුව සකස් කිරීම සඳහා ලොව පුරා තෘතීයික ආයතන 2000 කට අධික සංඛ්‍යාවක් ඇගයීමට ලක් කර ඇති අතර, ඉගැන්වීම, පර්යේෂණ ගුණාත්මකභාවය, කර්මාන්ත සම්බන්ධතා සහ ජාත්‍යන්තර දැක්ම වැනි කරුණු සැලකිල්ලට ගෙන තිබෙනවා.
මෙල්බන් විශ්ව විද්‍යාලය විෂය අනුව ශ්‍රේණිගත කිරීමේදී නීතිය සඳහා ලෝකයේ 11 වන ස්ථානයට පත්වී තිබෙනවා.

වෛද්‍ය සහ සෞඛ්‍ය සඳහා ලෝකයේ 20 වන ස්ථානයට ද එය පත්වුනා.
මේ අතර මොනෑෂ් විශ්ව විද්‍යාලය මෙම ලැයිස්තුවේ 58 වන ස්ථානයේ ද, සිඩ්නි විශ්ව විද්‍යාලය 61 වන ස්ථානයේ ද, ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය 73 වන ස්ථානයේ ද පසුවනවා.
