Search

online advertisement හරහා පාරිභෝගිකයන් නොමග යැවු වෙළ‍‍දසැල් 3 කට දඩ

 

 

ඔස්ට්‍රේලියාවේ Black Friday  අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව කළ වැරදි වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන් ප්‍රධාන සිල්ලර වෙළෙඳසැල් 3 කට දඩ මුදල් පනවා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසම [Australian Competition and Consumer Commission] ACCC විසින් ඔවුන්ට $ 19,800 ක් බැගින් දඩ නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

Michael Hill Jeweller, Hairhouse Warehouse Online සහ Global Retail Brands Australia එම වෙළෙඳසැල් වනවා.

ACCC නියෝජ්‍ය සභාපති කැට්‍රියෝනා ලෝව් [Catriona Lowe] පවසා ඇත්තේ එම වෙළඳසැල් online advertisement හරහා Sitewide සහ Everything on sale වැනි වචන භාවිතා කිරීමෙන් විකුණුම්වල ස්වභාවය පිළිබඳව පාරිභෝගිකයින් නොමඟ යවා ඇති බවයි.

සිල්ලර වෙළෙන්දන් විසින් ව්‍යාජ මවාපෑම් යටතේ පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට එවැනි වචන භාවිතා නොකළ යුතු බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

EOFY (අවසන් වාර්ෂික මස) අලෙවි අවස්ථා අතරතුර ද වංචාකාරී දැන්වීම්වලට ACCC දැඩි අවධානයක් යොමු කරනු ඇති.

පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ නීති උල්ලංඝනය කරන්නේ නම්, දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ACCC අවධාරණය කර ඇත්තේ.

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ජූනි මාසයේ ණය ගැනීමේ පිරිවැය අඩුවීම සහ උද්ධමනය ස්ථාවර

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »

අවුරුදු 6 ක දැරියක් 45 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කරදීමේ පුවතක්

වයස අවුරුදු හයක ගැහැණු දරුවෙකු 45 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ කරදීමට තැත් කිරීමේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වනවා. 

Read More »