
ඔස්ට්‍රේලියාවේ වයස්ගත සහ ආබාධිත සත්කාර සේවා සපයන ඇනෙක්ටෝ [Annecto] පුණ්‍යායතනය වසා දමන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
ලබන මස සිට තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මූල්‍ය අභියෝග හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

2024 වාර්ෂික වාර්තාවට අනුව එහි 1,000 කට වැඩි පිරිසක් සේවය කළ අතර සේවාදායකයින් 4,400 ක් පමණ පහසුකම් ලබා ගත්තා.
පුණ්‍යායතනය පවසන්නේ තම සේවාදායකයින් වෙනත් සැපයුම්කරුවන් වෙත මාරු කිරීම සඳහා ෆෙඩරල් රජය සමඟ කටයුතු කරන බවයි.

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ ACT ප්‍රාන්තවල ස්ථාන 19 ක පුණ්‍යායතනය ක්‍රියාත්මක වෙනවා.
Melbourne, Sydney, Canberra, Mildura, Ballarat, Bacchus Marsh, Mornington, Dubbo, Kempsey යන නගරවල එහි ශාඛා ද ක්‍රියාත්මකයි.
සෞඛ්‍ය, ආබාධිත සහ වයස්ගත වීමේ දෙපාර්තමේන්තුව [Department of Health, Disability and Ageing], ජාතික ආබාධිත රක්ෂණ ඒජන්සිය [National Disability Insurance] සහ ප්‍රවීණ කටයුතු දෙපාර්තමේන්තුව [Department of Veterans’ Affairs] සමඟ එක්ව තම සේවාදායකයින් වෙනත් සැපයුම්කරුවන් වෙත මාරු කිරීම සඳහා කටයුතු කරන බවයි ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.