Search

ලොස් ඇන්ජලීස් විරෝධතාකරුවන්ට – ට්‍රම්ප් සුපුරුදු ලෙස බැන වදියි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස් හි විරෝධතාකරුවන් “animals” සහ ” foreign enemy”ලෙස හඳුන්වා තිබෙනවා.

ඒ Fort Bragg හි පැවති එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය අමතමින්.

පසුගිය සති අන්තයේ සිට ලොස් ඇන්ජලීස් හි විරෝධතාකරුවන් ප්‍රධාන අධිවේගී මාර්ගයක් අවහිර කර මෝටර් රථ ගිනි තැබූවා.

ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් ඊයේ පැවසුවේ ඇමරිකානු නගරයක් විදේශීය සතුරෙකු විසින් ආක්‍රමණය කර යටත් කර ගැනීමට කිසිසේත් ඉඩ ලබානොදෙන බවයි.

ඇමරිකාව සතු සෑම වත්කමක්ම භාවිතා කර ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමට සහ නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ක්‍රියාකරන බවද ට්‍රම්ප් එහිදී අවධාරණය කර සිටියා.

මේ අතර ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස්  මෙම විනාශකාරී ක්‍රියා නැවැත්වීමට, කොල්ලකෑම් නැවැත්වීමට නගර මධ්‍ය ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඇය ප්‍රාදේශීය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බවත් අඟහරුවාදා රාත්‍රී 8 සිට බදාදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි එරට මාධ්‍ය පවසන්නේ.

මෙ

ප්‍රවේශමෙන්- මහාපරිමාණ Personal data වංචාවක්

තම Personal data වංචාකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස විශේෂඥයින් ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා. බොහෝ පුද්ගලයින් නොදැනුවත්වම ඔවුන්ගේ තොරතුරු විවිධ පුද්ගලයින් විසින් විකුණනු ලබනවා.

Read More »