
ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය නිවාස මිල පළමු වරට ඩොලර් [$] මිලියනය ඉක්මවා තිබෙනවා.
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් නිකුත් කරන ලද නවතම දත්තවලින් පෙනී ගොස් ඇත්තේ ජාතික සාමාන්‍ය නිවාස මිල ඩොලර් [$] මිලියනයකට වඩා වැඩි මට්ටමක පවතින බවයි.
මාර්තු කාර්තුව සඳහා ඕස්ට්‍රේලියාවේ සියලුම නිවාසවල ඒකාබද්ධ වටිනාකම ඩොලර් [$] ට්‍රිලියන 11.4 ක් දක්වා ළඟා වී තිබෙනවා.

එය දෙසැම්බර් මාසයේ සිට ඩොලර් [$] බිලියන 130.7 ක හෙවත් සියයට 1.2 ක වැඩිවීමක් බව ද කාර්යාංශය පෙන්වා දෙනවා.
වසර පහකට පෙර, එම අගය ඩොලර් [$] ට්‍රිලියන 7.3 ක් වුණා.

ජාතික නිවාස වටිනාකමෙහි කාර්තුමය වැඩිවීමක් තිබියදීත් මාර්තු කාර්තුවේ වාර්ෂික වර්ධනය සියයට 5.9 දක්වා මන්දගාමී වී ඇති බවයි ABS මූල්‍ය සංඛ්‍යාලේඛන ප්‍රධානී ආචාර්ය මිෂ් ටෑන් [Mish Tan] පවසන්නේ.
සාමාන්‍ය නිවාස මිල ඩොලර් [$] මිලියන 1.25 ක් වන නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාවේ වඩාත්ම මිල අධික දේපල වෙළඳපොළ ලෙස පවතිනවා.
ක්වින්ස්ලන්ඩ්හි නිවාස මිල ඩොලර් [$] 944,700 ක් වනව අතර එය රටේ දෙවන මිල අධිකම වෙළඳපොළ හිමි ප්‍රාන්තය වනවා.
ACT හි සාමාන්‍ය නිවාස මිල ඩොලර් [$] 941,300 ක්.
වික්ටෝරියාවේ නිවාස මිල ද සාමාන්‍ය ඉහළ අගයකයි පවතින්නේ.
$ 517,700 ක නිවාස මිල ගණන් පවතින උතුරු ප්‍රදේශය ඔස්ට්‍රේලියාවේ අඩුම මිල අධික දේපළ වෙළඳපොළ ලෙස පවතිනවා.