
ඩොලර් මිලියන 100 ක පවර්බෝල් ජැක්පොට් එකක් දිනා ගැනීමේ අවස්ථාව හෙට උදාවනවා.
මේ වනවිට එවැනි විශාලතම ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී ඇත්තේ ඔස්ට්‍රේලියානුවන් 6 දෙනෙකුට පමණයි.
ඒ අනුව හෙට රාත්‍රියේ දිනුම් ඇදීමෙන් ඩොලර් මිලියන 100 ක ත්‍යාගය ලබාගැනීමට දැන් ඔබටත් අවස්ථාව හිමිව තිබෙනවා.

එය 2025 වසරේ මේ දක්වා ඇති විශාලතම ජැක්පොට් එක ලෙසයි සැලකෙන්නේ.
පවර්බෝල් අවසන් වරට ඩොලර් මිලියන 100 ක ත්‍යාගයක් දිනා ගත්තේ නොවැම්බර් 24 වන දින වන අතර, එහිදී ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් ටිකට් පත් මිලදී ගෙන තිබුණා.

එදින දිනුම් ඇදීමේ දිනයේ එක් මිනිත්තුවක් තුළ ටිකට්පත් 6415 ක් අලෙවි වී තිබුණා.
මේ අතර දිනුම් ඇදීම හෙට සවස 7.30 වනවිට අවසන් වනු ඇති.