
අද අලුයම ට්‍රක් රථයක් පෙරළීමෙන් පසු Victoria’s Princes Freeway මාර්ගය අවම වශයෙන් පැය දෙකක ප්‍රමාදයක් අපේක්ෂා කරන බවට මෝටර් රථ හිමියන්ට අනතුරු අඟවනවා.
මේ වනවිට මෙල්බර්න් බලා යන එක් මංතීරුවක් නැවත විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.
නමුත් සිද්ධිය විමර්ශනය කිරීම සහ සියලු මංතීරු ආරක්ෂිතව නැවත විවෘත කිරීමට කටයුතු කිරීම දිගටම කරගෙන යන බැවින් මංතීරු දෙකක් වසා දමා ඇති බව සඳහන්.

අනතුරෙන් කිසිවෙකුට තුවාල සිදුවී නැහැ.
Freeway සහ වෙරිබී සහ වින්ඩ්හැම් වේල් හරහා අවට මාර්ගවල පැය දෙකකට වඩා වැඩි ප්‍රමාදයන් පවතිනවා.

ප්‍රමාදයන් සමනය වීමට යම් කාලයක් ගතවනු ඇති බවයි VicTraffic පවසන්නේ.
Geelong සහ මෙල්බර්න් අතර ගමන් කරන මෝටර් රථ හිමියන්ට Bacchus Marsh සහ Western Freeway හරහා මාරුවීමෙන් කාලය ඉතිරි කර ගත හැකි බව ඔවුන් පෙන්වාදෙනවා.
Geelong මාර්ගයේ V/Line දුම්රිය භාවිතා කිරීමෙන් සංචාරකයින්ට ප්‍රමාදයන් වළක්වා ගත හැකි වනු ඇති.
වෙරිබී හරහා ගමන් කරන්නේ නම් වේග සීමාවන්ට අවනත වන ලෙසයි බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
පරීක්ෂණ සහ අලුත්වැඩියාවන් අවසන් වූ පසු සියලුම මංතීරු හැකි ඉක්මනින් නැවත විවෘත කරන බවයි VicTraffic මාධ්‍යයට කියාසිටියේ.