
ඇපල් සමාගම දශකයකට වැඩි කාලයක් තුළ එහි විශාලතම software හඳුන්වාදීම සිදුකර තිබෙනවා.
ඇපල් සමාගමේ නව AI system එක හරහා iPhone, Mac, Watch සහ iPad brain එකට නව වෙනසක් සිදුකිරීමට ආසන්නයි.
තාක්ෂණික දැවැන්තයාගේ වාර්ෂික ලෝක ව්‍යාප්ත සංවර්ධක සමුළුවේදී (WWDC) මෙම පුළුල් වෙනස්කම් නිවේදනය කිරීමටයි නියමිතව ඇත්තේ.

එහිදී ඇපල් සමාගම Liquid Glass නමින් නැවුම් පෙනුමක්, new tools for call screening, live translation, a smarter Siri සහ එහි මෘදුකාංග නම් කරන ආකාරයෙහි ප්‍රධාන වෙනසක් එළිදැක්වීමට සූදානම් වනවා.
මෙය සෑම වසර දහයකට වරක් පමණක් සිදුවන ව්‍යාපෘතියක් බවයි ඇපල් සමාගමේ මෘදුකාංග ප්‍රධානී ක්‍රේග් ෆෙඩරිගි පැවසුවේ.

ඇපල් සමාගම අපේක්ෂිත iOS 19 මඟ හැර කෙලින්ම iOS 26 වෙත ලඟාවෙමින්, මෘදුකාංග නාමය වසර සමඟ පෙළගස්වීමට සූදානම් වනවා.
මෙම app එක මගින් ඔබට ලැබෙන ඇමතුම් නීත්‍යානුකූල නම්, ඇමතුම නාද වන නමුත් එය spam එකක් නම්, ඇමතුම නොලැබෙනු ඇති.
පාරිභෝගික සේවාව අමතන විට පෝලිමේ ඔබේ ස්ථානය තබා ගන්නා නව Hold Assist විශේෂාංගයක් ද මෙමගින් සපයාදෙනු ලබනවා.
FaceTime, Phone සහ Messages, නව AI system එක මගින් ද්විභාෂා සංවාද පවා කළ හැකි බවයි ඇපල් සමාගම පවසන්නේ.
මෙවැනි නවතම අත්දැකීම් රැසක් ඇපල් සමාගමේ නවමු සොෆ්ට්වෙයාර් එක හරහා ඔබට අත්විඳිය හැකි වනවා.