Search

වේදනාවක් නැතුව රෝගයක් හඳුනාගැනීමට මෙල්බන් පර්යේෂකයින් සමත්වෙයි

රෝගයක් හඳුනා ගැනීමට සිදුකරන වේදනාකාරී ක්‍රියාවලිය අවසන් කිරීම වෙනුවෙන් මෙල්බන් පර්යේෂකයින් පිරිසක් විසින් නව රුධිර පරීක්ෂණ ක්‍රමයක් වැඩිදියුණුකර තිබෙනවා.

ඕස්ට්‍රේලියානුවන් 350,000 කට වැඩි පිරිසක් coeliac රෝගයෙන් පෙළෙන බවට ගණන් බලා ඇති බවයි වාර්තා වන්නේ.

වත්මන් රෝග විනිශ්චය ක්‍රියාවලියට අනුව නිවැරදි පරීක්ෂණ ප්‍රතිඵල සහතික කිරීම සඳහා රෝගීන් සති ගණනාවක් ග්ලූටන් පරිභෝජනය කළ යුතු අතර, එය බොහෝ විට අහිතකර ප්‍රතික්‍රියා ඇති කරනු ලබනවා.

එමගින් බොහෝ දෙනෙකුට උදර වේදනාව, පාචනය, වමනය, වේදනාව සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ අත්විඳිය හැකි බවයි Walter and Eliza Hall වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (WEHI) සහකාර මහාචාර්ය ජේසන් ටයි-ඩින් පැවසුවේ.

“විශේෂයෙන් දරුවන්ට, එම gastroscopy පරීක්ෂාව සිදු නොකළ යුතු බව WEHI හි ඔලිවියා මොස්කැටෙලි කියාසිටියා.

WEHI හි සංවර්ධනය කරන ලද නව පරීක්ෂණයෙන් පරීක්ෂණ නළයක දිනකට රෝගියෙකුගේ රුධිර සාම්පලයක් ග්ලූටන් කොටස් සමඟ මිශ්‍ර කරයි.

එහිදී නිශ්චිත ප්‍රතිශක්තිකරණ සලකුණක් දිස්වන්නේ නම්, ඔවුන්ට සෙලියාක් රෝගය හඳුනාගත හැකි වනවා.

මේ අතර නව රුධිර පරීක්ෂණය ඉදිරි වසර දෙකක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මහාචාර්ය ජේසන් ටයි-ඩින් සඳහන් කළා.

 

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »