
මේ වසරේ වැඩි කාලයක් බ්ලූබෙරි මිල ගණන් ඉහළ මට්ටමක පැවතිය හැකි බව වාර්තා වනවා.
පසුගිය මාසයේ උතුරු නිව් සවුත් වේල්ස්හි ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව මෙන්ම සෘතුමය හිඟය සහ බෝග හානි, මිල ඉහළයාමට හේතුව බවයි Berries Australia විධායක අධ්‍යක්ෂ Rachel Mackenzie පවසන්නේ.
පසුගිය සතියේ සුපිරි වෙළඳසැල්වල ග්‍රෑම් 125 ක බ්ලූබෙරි ඇසුරුමක් සඳහා ඩොලර් 9.80 ක් තරම් ඉහළ මිලක් නියම කර ඇති අතර එය කිලෝග්‍රෑමයකට ඩොලර් 78.40 කට සමාන වනු ඇති.

එය පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවතියේ ඩොලර් 2.50 ක් ලෙසයි.
බෙරීස් ඕස්ට්‍රේලියාවේ විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේ ශීත ඍතුවේ නිෂ්පාදනය වැඩි වන විට මිල අඩු වනු ඇතැයි අපේක්ෂා කළද පසුගිය මාසයේ උතුරු නිව් සවුත් වේල්ස් හි පැවති ධාරානිපාත වර්ෂාව වෙළඳපොළේ පලතුරු මිලට දැඩිසේ බලපා ඇති බවයි.

මේ අතර, ඕස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ලෝලීන්ට එක් ස්ට්‍රෝබෙරි ගෙඩියක් සඳහා ඩොලර් 6 ක් වැනි ඉහළ මිලක් ගෙවීමට සිදුවනු ඇතැයිද වාර්තා වනවා.
ක්වීන්ස්ලන්ඩ්, ඕස්ට්‍රේලියාවේ ශීත ඍතු ස්ට්‍රෝබෙරි බොහොමයක් සපයන අතර මාස ගණනක වර්ෂාව සහ පසෙන් බෝවන රෝග හේතුවෙන් නිෂ්පාදනය අඩාලවී ඇති බවයි ගොවීන් මැසිවිලි නගන්නේ.