Search

ලොතරැයි දිනුමෙන් ඔස්ට්‍රේලියානු තරුණයෙකුට සිදුවූ ඛේදවාචකයක්

ඩොලර් මිලියන 22 ක පවර්බෝල් ටිකට් පතක් දිනාගත් තරුණ ඔස්ට්‍රේලියානුවෙකුගේ ජීවිතය ඛේදවාචකයකින් අවසන්වීමේ පුවතක් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

මීට වසර 5 කට පෙර 22 හැවිරිදි ජලනල කාර්මිකයෙකු වූ ජෝෂුවා වින්ස්ලට්ට මෙම දිනුම ලැබෙන අවස්ථාවේ ඔහුගේ බැංකු ගිණුමේ ඉතිරිව තිබුණේ ඩොලර් 19 ක් පමණයි.

ඔහුට තිබූ දුර්ලභ රෝග තත්වයක් හේතුවෙන් කුඩා කාලය පුරාම ඔහු නොයෙකුත් හිරිහැර මධ්‍යයේ වැඩුණු දරුවෙකු වන නමුත් මෙම ජයග්‍රහණය ඔහුට නව ජීවිතයක ආරම්භයක් වී ඇති බව සඳහන්.

එහෙත් මිතුරන් පවසන්නේ ලොතරැයි ජයග්‍රහණයෙන් පසු ඔහු ඉක්මනින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ජීවන රටාවකට ඇද වැටුණු බවයි.

2020 දී පොලිසිය ඔහුගේ ඇඩිලේඩ් නිවස වැටලීමෙන් කොකේන්, ගිනි අවියක් සහ පතොරම් ද අත්අඩංගුවට ගෙන තිබුණා.

මත්ද්‍රව්‍ය සහ ආයුධ චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු වූ අතර යහපත් හැසිරීම් හේතුවෙන් අත්හිටවූ සිර දඬුවමක් නියම කර තිබෙනවා.

දඬුවම් නියම කිරීමේදී, විනිසුරුවරයා හදිසි ධනයේ බලපෑම් පෙන්වා දුන් අතර වින්ස්ලට් විනෝද වීම හැර වෙනත් කිසිවක් කිරීමට එම මුදල් යොදවා නොමැති බවයි එහිදී කියාසිටියේ.

වින්ස්ලට්ගේ මිතුරන් බොහෝ දෙනෙකු සිතූ පරිදි ඔහු 2022 අගභාගයේදී අධික මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් ඔහුගේ නිවස තුළදීම ජීවිතක්ෂයට පත්වුණා.

 

 

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »