Search

ඔස්ට්‍රේලියානු හෑකර්ට ඇමරිකාවෙන් දුන් දඬුවම

ඇමරිකානු ICE(Immigration and Customs Enforcement) බලධාරීන් විසින් ඔස්ට්‍රේලියානු හෑකර්වරයෙකු වූ David Crees අත්අඩංගුවට ගෙන ඔහුව ඔස්ට්‍රේලියාවට නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා.

වයස අවුරුදු 26ක් වූ ඔහු 2015 වසරේදී ඔස්ට්‍රේලියා ඉතිහාසයේ විශාලතම පෞද්ගලික දත්ත හොරකම් කිරීමට වගකිව යුතු පුද්ගලයාද වනවා.

ඔහු Abdilo, Notavirus, Surivaton, Grey Hat හා Mafia’s Bitch යන නාමයන් යටතේ අන්තර්ජාලයේ පෙනී සිට දත්ත සොරකම් කර ඇති බවයි ඇමරිකානු බලධාරීන් වාර්තා කර සිටියේ.

අධිකරණ ලේඛනවලට අනුව 2020 සහ 2021 අතර කාලයේදී මොහු ඇමරිකාවේ මෘදුකාංග සමාගමක්, පෞද්ගලික සමාජමාධ්‍ය ගිණුම්, සයිබර් ආරක්ෂක සමාගම්, විශ්වවිද්‍යාලයක් ඇතුළු ආයතන 7ක් හැක් කරමින් දත්ත සොරාගෙන තිබෙනවා.

මොහු ඇමරිකාවේ ප්‍රසිද්ධ සංචාරක රක්ෂණ සමාගමේ පරිගණක පද්ධතිවලටද ඇතුළු වී වාර්තා 770,000 කට වඩා සොරකම් කළ බවද පිළිගෙන ඇති බවයි සදහන් වන්නේ.

ඔහුව පරිගණක වංචා අපරාධකරුවෙකු ලෙස ඇමරිකානු බලධාරීන් නම් කර ඇති අතර ඔහු පිලිබඳ වැඩිදුර තොරතුරු ලබා දීමද ඇමරිකානු ICE නිළධාරීන් ප්‍රතික්ශේප කර සිටියා.

ඔස්ට්‍රේලියාවට පිටුවහල් කරන තුරු ඔහුව අධිකරණය භාරයේ රඳවා තබන බව ආරක්ෂක විමර්ශන අංශය ප්‍රකාශකර සිටියා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »