
බැංකු කාර්ය මණ්ඩලයේ සැලකිලිමත්කම හේතුවෙන් නිව් සවුත්වේල්ස් හි වයස්ගත කාන්තාවක් වංචාවකින් බේරාගැනීමට ඔවුන්ට හැකිවී තිබෙනවා.
නිව් සවුත් වේල්ස් හි NAB ශාඛාවකට පැමිණි 84 හැවිරිදි මහලු කාන්තාව ඇගේ internet banking limit එක පිළිබඳව වෙනදා සිදුනොකරන ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
එම කාන්තාව බැංකු ශාඛාවේ කාර්ය මණ්ඩලයෙන් withdrawal limit එක වැඩි කරන ලෙස ඉල්ලා සිටියා.

ඇගේ withdrawal limit එක පැවතියේ ඩොලර් 5000 ක් ලෙස වන නමුත් එය ඩොලර් 50,000 කට වඩා වැඩි කරන ලෙසයි වයස්ගත කාන්තාව බැංකු නිළධාරියාගෙන් ඉල්ලා ඇත්තේ.
පසුව බැංකු සේවකයින්ගේ සැකය තහවුරු කරමින් මෙම දිගු කාලීන ගනුදෙනුකාරිනිය අල්ලාගෙන සිටි ජංගම දුරකථනයෙන් කවුරුන්හෝ සවන් දෙමින් සිටින බවට හෙළිවී තිබෙනවා.

පසුව ඔවුන් ඉක්මනින් තිරයේ තිබූ දුරකථන අංකය ගූගල් කර බලා එය වංචා කරුවෙකුගේ ප්‍රතිඵලයක් ලෙස වටහා ගත් බවයි NAB ශාඛා කළමණාකරු පවසා ඇත්තේ.
පසුව හෙළිවුයේ එම වංචාකරු මෙම වැන්දඹු වයස් ගත කාන්තාවට දින ගණනාවක් තිස්සේ බලපෑම් කර ඇති බවයි.
වංචාකරුවන් ඇයට ඩොලර් 50,000 ක මුදලක් ණයට ලබාදුන් බව ඒත්තු ගන්වා එම මුදල් ආපසු ලබාදෙන ලෙසයි තර්ජනය කර ඇත්තේ.
පාරිභෝගික නිරීක්ෂණ ආයතනය ඕස්ට්‍රේලියානුවන්ට දැනුම්දෙන්නේ වංචාකරුවන් නිළ වෘත්තිකයෙකු ලෙස ඒත්තු ගන්වමින් රැවටීමට ලක්කළ හැකි පුද්ගලයින් ගොදුරු කර ගැනීමට උත්සහ කරන බවයි.