Search

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක වියදම් වැඩි කරයි

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%ක් දක්වා වැඩි කිරීමට අගමැති ඇන්තනි ඇල්බනිස් තීරණය කර තිබෙනවා.

ඇමරිකා ජනාධිපති සහ ඔස්ට්‍රේලියානු විපක්ෂය විසින් ආරක්ෂක වියදම් 3.5%කින් වැඩි කිරීමට පසුගිය දිනවලදී ආණ්ඩුවට බල කර සිටියා.

කෙසේවෙතත් ඇල්බනීස් පවසා සිටියේ ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා යෝජිත වියදම් තීරණය විය යුත්තේ ප්‍රායෝගික අවශ්‍යතා අනුව මිස විදේශීය බලපෑම්වලට වලට අනුව නොවන බවයි.

 

ඔස්ට්‍රේලියාවෙ ආරක්ෂාව වෙනුවෙන් කොපමණ මුදලක් වියදම් කළ යුතුදැයි තීරණය කරන්නේ ඔස්ට්‍රේලියාව විසින් පමණක් බවයි ජාතික මාධ්‍ය සංගමය රැස්වීමේදී අගමැති සදහන් කර සිටියේ.

මේ අතර ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නායක ඩේවිඩ් ජෝන්ස්ටන්ද ලබන වසරේදී ආරක්ෂක වියදම් වැඩි කිරීමක් ඉල්ලා සිටින බව පවසා තිබෙනවා.

ප්‍රවේශමෙන්- මහාපරිමාණ Personal data වංචාවක්

තම Personal data වංචාකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස විශේෂඥයින් ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා. බොහෝ පුද්ගලයින් නොදැනුවත්වම ඔවුන්ගේ තොරතුරු විවිධ පුද්ගලයින් විසින් විකුණනු ලබනවා.

Read More »