
හදිසි වෛද්‍ය ප්‍රතිකාරයක් සදහා ඕස්ට්‍රේලියානුවන්ගෙන් පිරුණු Qantas ගුවන් යානයක් අසර්බයිජානයට [Azerbaijan] ගොඩබස්වා තිබෙනවා.
ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබියදී මගියෙකු හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් ගුවන් යානය හදිසියේ ගොඩබස්වනු ලැබුවා.
මේ හේතුවෙන් යානයේ ගමන් කළ මගීන්ට Baku අගනුවර දිනකට වැඩි කාලයක් ගත කිරීමට සිදුවු අතර ඔවුන්ගේ නිවාඩු සැලසුම් ද අවලංගු කිරීමට සිදුවුනා.

අසර්බයිජානයේ රජයේ නිවාඩු දිනයක් යෙදී තිබීම හේතුවෙන් පුද්ගලයින් 500 කට පමණ වීසා සංවිධානය කිරීමේදී අපහසුතාවට පත්වීමට සිදුවී තිබෙනවා.
මේ අතර ගුවන් යානය සිංගප්පූරුවේ සාමාන්‍ය නඩත්තු පරීක්ෂා සදහා ලක් කිරීමට නියමිතව තිබු අතර Qantas ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ යානය කිසිදු යාන්ත්‍රික සංකූලතාවයකට මුහුණ දී නොමැති බවයි.

Qantas හි පළමු ප්‍රමුඛතාවය මගීන්ගේ ආරක්ෂාව වන අතර ගනුදෙනුකරුවන්ට සිදු වූ අපහසුතාවට සමාව අයදින බවයි ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත්තේ.