
ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් අට දෙනෙකු මිය ගිය අතර, සැකකාර අපරාධකරු ද මියගොස් ඇතැයි නගරාධිපතිවරයා පවසනවා.
නගරාධිපති එල්කේ කාහර් මෙම සිදුවීම් “භයානක ඛේදවාචකයක්” ලෙස විස්තර කළ බව ඔස්ට්‍රියා මාධ්‍ය ඒජන්සිය වාර්තා කළේ.
මිය ගිය අය අතර සිසුන් හත් දෙනෙකු සහ එක් වැඩිහිටියෙකු සිටිනවා.

බොහෝ දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
ප්‍රහාරකයා තනිවම ක්‍රියා කළ බව පොලිසිය විශ්වාස කරන අතර අද උදෑසන 10 ට පමණ BORG Dreierschützengasse උසස් පාසලේදීයි මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ.

ඔස්ට්‍රියාවේ දෙවන විශාලතම නගරය වන ග්‍රාස්, රටේ ගිනිකොන දෙසින් පිහිටා ඇති අතර එහි වැසියන් 300,000 ක් පමණ ජීවත් වනවා.
ඔස්ට්‍රියානු චාන්සලර් ක්‍රිස්ටියන් ස්ටෝකර් පැවසුවේ වෙඩි තැබීම “අපේ මුළු රටම දැඩි ලෙස කම්පනයට පත් කරන ජාතික ඛේදවාචකයක්” බවයි.
ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන් ඩර් බෙලන්ද මෙම ඝාතන දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.