
Buy Now, Pay Later (BNPL) සේවාවන් නියාමනය කිරීමට ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිසම (ASIC) තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දින සිට Afterpay, Klarna හෝ Zip Pay වැනි buy now, pay later (BNPL) සේවාවකට ලියාපදිංචි වන ඕස්ට්‍රේලියානුවන්ට අඩු වියදම් සීමාවක් ඇති බවයි බලධාරීන් පවසන්නේ.
BNPL සේවාවන් භාවිතා කරන මිලියන සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන් හානිකර ණය කොන්ත්‍රාත් වලින් ආරක්ෂා කිරීම මෙම නව රෙගුලාසි නිර්මාණය කිරීමේ අරමුණයි.

එමනිසා ඕස්ට්‍රේලියාවේ ක්‍රෙඩිට් කාඩ්පත් වැනි ඕනෑම ණය නිෂ්පාදනයකට BNPL සේවාවන් නියාමනය කිරීම සඳහා ක්‍රියාත්මක වන්නැයි සුරැකුම්පත් සහ ආයෝජන කොමිසම එම දැවැන්ත ව්‍යාපාරවලට දැනුම්දෙනවා.
2024 අගෝස්තු මාසයේ සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු පසුගිය මාස හය තුළ BNPL සේවාවක් භාවිතා කරන බවයි.

නව රෙගුලාසි යටතේ, ණය ගැතියන් තක්සේරු කිරීමේදී BNPL සේවාවන් ලබාදෙන ව්‍යාපාරිකයින්ට ණය ගැතියන්ගෙන් තවත් ප්‍රශ්න ඇසීමට සහ දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති.
උදාහරණයක් ලෙස, Afterpay සියලුම නව ගනුදෙනුකරුවන්ට ඩොලර් 600 ක starting limit ලබා දුන් නමුත් ඊයේ සිට, ණය ගැතියන්ට lower credit score තිබේ නම් ඔවුන්ට smaller starting limit එකක් ලබා දිය හැකි වනවා.
පවතින BNPL ගිණුම් ඇති ගනුදෙනුකරුවන්ට credit check කිරීමට අවශ්‍ය නොවන නමුත් BNPL සේවාවන් සියලුම පරිශීලකයින්ගේ credit scores වලට දැන් බලපෑ හැකියි.
Buy Now, Pay Later (BNPL) සේවාවට අදාල නව නීති යටතේ ගෙවීමක් මග හැරුණහොත් එය ණය ගැතියන්ගේ credit scores කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කළ හැකි වනවා.
මග හැරුණු හෝ ප්‍රමාද වූ BNPL ආපසු ගෙවීම් ඔවුන්ගේ ණය වාර්තාවල දිස්විය හැකි අතර, අනාගත ණය ලබා ගැනීම ඔවුන්ට වඩාත් අපහසු වන බවයි සුරැකුම්පත් සහ ආයෝජන කොමිසම කියාසිටියේ.
විශේෂයෙන් නිවසක් වැනි ප්‍රධාන මිලදී ගැනීම් සඳහා එය බලපානු ඇති බවයි කොමිසම පෙන්වාදෙන්නේ.