
ළමා ලිංගික අපයෝජන පිළිබඳ චෝදනා එල්ල වු වික්ටෝරියා ගුරුවරයෙකුට සිර දඩුවම් නියම කර තිබෙනවා.
66 හැවිරිදි මෙම ගුරුවරයා ගිප්ස්ලන්ඩ්හි (Gippsland) පිහිටි පාසලක කුඩා දැරියන් පස් දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවට 2022 වසරේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
වික්ටෝරියානු ප්‍රාදේශීය අධිකරණය විසින් ඔහුට වසර 6 ක් සහ මාස 6 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

පාසලෙන් ඉල්ලා අස්වී සිටියදීත් දැරියන් සමග සම්බන්ධතා පැවැත්වු ඔහු පසුව වික්ටෝරියාවෙන් පළාගොස් තිබුණා.
2022 වසරේදී ක්වීන්ස්ලන්ඩ් හි පදිංචිව සිටි නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු ලිංගික අතවර සහ දරුණු අශෝභන චෝදනා 10 කට වරද පිළිගෙන තිබෙනවා.

1986 සහ 1988 අතර කාලයේ දී සිදුවු මෙම අපරාධ සදහා දඩුවම් ලබාදී ඇත්තේ වසර 30 කට පමණ පසුවයි.