
බටහිර ඔස්ට්‍රේලියාවේ (WA) ජනතාවට අමතර රාජ්‍ය නිවාඩු දිනයක් ලබාදීමේ හැකියාව පිළිබද සොයා බැලීමට පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන්, එම රාජ්‍යය නැගෙනහිර වෙරළේ රාජ්‍ය නිවාඩු ක්‍රමය සමඟ පෙළගැස්වීම කෙරෙහි සලකා බැලීමට නියමිතයි.
බටහිර ඔස්ට්‍රේලියාව දැනට රටේ අඩුම රජයේ නිවාඩු දින සංඛ්‍යාවක් ඇති ප්‍රාන්තය වන අතර, නැගෙනහිර ප්‍රාන්තයන්ට වඩා සතියකට පෙර නිවාඩු දින යෙදී තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියාව “WA Day” සමරන්නේ ජූනි මාසයේ පළමු සඳුදා වන අතර King’s Birthday සැප්තැම්බර් මාසයේ හතරවැනි සති අන්තයේදී සමරනු ලබනවා.
එහෙත් බොහෝ අනෙකුත් රාජ්‍ය සහ ප්‍රාන්තවලදී එය සමරන්නේ ජූනි මාසයේ දෙවැනි සති අන්තයේදීයි.

ප‍්‍රධාන අමාත්‍ය Roger Cook පවසන්නේ බටහිර ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය නිවාඩු නැගෙනහිර වෙරළේ පද්ධතිය සමඟ වඩා හොඳින් ගැලපෙන පරිදි සැලසුම් කරමින් සිටින බවයි.
නැගෙනහිර වෙරළේ ව්‍යාපාර ක්‍රියාත්මකව පවතින අවස්ථාවලදී බටහිර ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර වසා දැමීමෙන් ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට පත්වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
බටහිර ඔස්ට්‍රේලියාව ද ජාතික ආර්ථිකයේ කොටසක් වන බැවින් වඩා හොඳ ගැළපීමක් සහතික කිරීම සඳහා එක්ව වැඩ කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා පවසනවා.
මේ අතර බටහිර ඔස්ට්‍රේලියානු කාර්මික හා වාණිජ මණ්ඩලයේ (CCIWA) ප්‍රධාන ආර්ථිකවේදී අරන් මොරී [Aaron Morey] සඳහන් කර ඇත්තේ මෙය ප්‍රධාන අමාත්‍යවරයාගේ යහපත් තීරණයක් වන නමුත් අමතර රාජ්‍ය නිවාඩු දිනයක් අනුමත නොකරන බවයි.