
සිඩ්නි බලා යන ජාත්‍යන්තර ගුවන් යානයකදී තමන්ගේම වයින් බෝතලයක් පානය කළ කාන්තාවක් ගුවන් සේවකයින් විසින් බලහත්කාරයෙන් ආසනෙකට බැඳ දමා තිබෙනවා.
අදාළ කාන්තාව වයස අවුරුදු 64 ක් වන ඉතාලි සහ ඔස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙක් බවයි වාර්තා වන්නේ.
තමන් රැගෙන ආ වයින් බෝතලයක් පානය කිරීමට උත්සාහ කිරීමෙදී ඇයව වැළැක්වූ ගුවන් සේවිකාවකට පහර දී ගුවන් යානය තුල කලහකාරී ලෙස හැසිරී ඇති බවයි පොලීසිය සදහන් කර සිටියේ.

එම කාන්තාව ගුවන් යානය තුල වාඩි වීම ප්‍රතික්ෂේප කළ නිසා ඇයව බැඳ දැමීමට කාර්යමණ්ඩලය තිරණය කර තිබෙනවා.
සිඩ්නි ගුවන්තොටුපළට පැමිණි පසු කාන්තාව ගුවන් යානයෙන් ඉවත් කිරීමට පොලිස් නිලධාරීන්ද කැඳවීමට සිදු වූ බවයි වාර්තා වන්නේ.

තවද ගුවන් සේවිකාවකට පහරදීම, ගුවන් යානයක් තුළ අශෝභන ලෙස හැසිරීම, ආරක්ෂක උපදෙස් නොපිළිපැදීම සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින් ලබා නොදුන් මත්පැන් පානය කිරීම යන චෝදනා යටතේ පොලිසිය එම කාන්තාවට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබුවා.