Search

මධුසමයේදී මනාලයා මැරීමට කොන්ත්‍රාත් දුන් මනාලිය

මධුසමය ගත කරමින් සිටියදී තම සැමියා අමානුෂික ලෙස ඝාතනය කර අතුරුදහන් වූ කාන්තාවක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා

මෙම යුවළ මධුසමය ගත කිරීම සදහා මේඝාලය බලා පිටත්ව ගොස් දින හතරකට පසු ඔවුන් දෙදෙනා අතුරුදහන් වී තිබෙනවා.

මනාලිය මරා දමා හෝ පැහැරගෙන ගොස් ඇති බවට ඇගේ පවුල මනාලයාගේ පාර්ශවයට චෝදනා එල්ල කර සිටියා.

අනතුරුව පොලිසිය සහ ආපදා සහන කණ්ඩායම් විසින් සිදුකල විමර්ශනයකින් පසුව මනාලයාගේ සිරුර මේඝාලය ප්‍රදේශයේ කන්දක් අසල තිබියදී සොයාගෙන තිබෙනවා.

බරපතල කැපුම් තුවාල සහිතව ඔහු සොයාගන්නා විට ඔහුගේ මුදල් පසුම්බිය සහ රන් භාන්ඩද අතුරුදහන් වී තිබූ බව පොලීසිය සදහන් කර සිටියා.

ඉන් දින කීපයකට පසු මනාලිය මෙම ඝාතනය සම්බන්දව වරද පිළිගනිමින් පොලිසියට භාර වී තිබෙනවා.

ඇය කුලී ඝාතකයින් හතර දෙනෙකු ලවා තම සැමියා ඝාතනය කල බවට පිළිගත් අතර මෙම සිද්ධියට සම්බන්ද වූ ඝාතකයින් තිදෙනෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »