
මෙල්බන්හි ඉදිකිරීම් භූමියකින් වැටී දැව කූරක් ඇණීමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා.
ටෝරාක් [Toorak] ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක වහලයකින් වැටීමෙන් උදෑසනයි මෙම අනතුර සිදුවී ඇත්තේ.
එම අවස්ථාවේ මෙම පුද්ගලයා දැව කූරක් මතට වැටී ඇති අතර වික්ටෝරියා ගිනි නිවන හමුදාව [Fire Rescue Victoria] විසින් දැව කූර කපා ඔහු ගලවාගෙන තිබෙනවා.

බරපතල තුවාල ලැබු ඔහු ඇල්ෆ්‍රඩ් [The Alfred] රෝහලට රැගෙන යනු ලැබුවා.
වර්ක් සේෆ් [WorkSafe] විසින් මෙම අනතුර පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
